සොෆ්ට්වෙයාර් එන්ජිනියර්
ඒ අයගෙනුත් අනුන්ගේ පහනෙන් එළිය බලපු සැට් එක ඉන්ටර්න්ෂිප් කාලේදී විසි වෙනවා. coding උණ තියෙන උන් ටික විතරමයි Software Engineering (SE) පාරේ, හරි ගමනක් යන්නේ.
මේකට ඉතින් උපාධියට වත්, ෆීල්ඩ් එකටවත් බැනලා වැඩක් නැහැ. IT ෆීල්ඩ් එකට එන්න ක්‍රම ගොඩක් තියෙනවා. Multimedia කියන්නේ ඒවගේ OL/AL ඕනෑම අංශයකින් කරලා එන්න පුළුවන් පාරක්. හොඳ UI/UX කෙනෙකුට ලක්ෂ ගානක පඩියක් ගන්න පුළුවන්. NVQ, Pearson HND, top-up, CISCO වගේ තව පාරවල් ගොඩක් තියෙනවා.
තමුන් ගිය කැම්පස් තමයි ලංකාවේ හොඳම එක කියලා හිතන අය, කියන දේවල් තාර බර ඇරලා තමයි ගන්න ඕනේ. ඒක හරියට, බුෆේ එකකට ගිහිලා පරිප්පුයි බතුයි කාලා ඒක තමයි හොඳම කෑම කියලා කියනවා වගේ.
පඩිය ගැන මුලින්ම කලබල නොවී, ඉස්සෙල්ලම මේ ෆීල්ඩ් එක ගැන ඉගෙන ගන්න. පිස්සෙක් වගේ SE පස්සේ නොදුවා සම්පුර්ණ පින්තුරයක් හඳුනාගන්න. https://slasscom.lk/ එක ගැන ඉගෙනගන්න. මෙතනින් වැඩක් ගන්න: https://academy.slasscom.lk/ හැමෝටම SE කෙනෙක් වෙන්න බැහැ, හැබැයි SE එකට අමතරව තව ඕනෑ තරම් රැකියා අවස්ථාවල් තියෙනවා IT ෆීල්ඩ් එකේ. ප්‍රධාන දේ තමයි තමුන් වඩාත්ම කැමති මොනවටද කියන එක.
ඒකට මෙන්න මේවගේ ටෙස්ට් එකක් තමුන්ටම කරගන්න පුළුවන්:

Leave a Comment